Tuesday, March 10, 2020
ඉන්ධන මිල හෙට (11)
ඉන්ධන මිල හෙට (11) රාත්රියේදී අඩු කිරීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචි මාලිංග සඳහන් කරයි. මේ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් අඩුවන මිල ගණන් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා
හෙට (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙසේ ඉන්ධන මිල ගණන් අඩු කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.
රවි කරුණානායක මහතා සිය පෙත්සමින්
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ද දන්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන
වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් පත්කර තිබේ.නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්යක්ෂ වරයා, වැඩබලන පොලිස්පති වරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , ඇතුළු එම අධිකරණයේ පිරිසක් නම් කරනු ලැබ ඇත.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.
ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙයි.
ඒ අනුව ඔවුන්ව හෙට (11දා) තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයකද අභියාචනාධිකරණය නිකුත් කළේය

Subscribe to:
Comments (Atom)